Skip to main content

Posts

Showing posts from December, 2020

සයිබර් අපරාධ (Cybercrime) යනු කුමක්ද?

  සයිබර් අපරාධ  (Cybercrime) යනු කුමක්ද? සයිබර් අපරාධ (Cybercrime) යනු ඩිජිටල් ක්‍රම මගින් සිදුවන ඕනෑම ආකාරයක නීති විරෝධී ක්‍රියාවකි. සයිබර් අපරාධකරුවන් හෝ හැකර්වරුන් බොහෝමයක් සයිබර් අපරාධ සිදු කරනු ලබන්නේ මුදල් ඉපැයීම අරමුණුකොටගෙන වන අතර කලාතුරකින් ලාභයට අමතරව දේශපාලන හෝ පෞද්ගලික හේතු නිසා පරිගණකවලට හානි කිරීම ඔවුන්ගේ අරමුණ වෙයි. තනි පුද්ගල හෝ සංවිධාන වශයෙන් මොවුන් ක්‍රියා කරණු ලබන අතර බොහෝමයක් මේ සඳහා යොමුවන්නේ උසස් තාක්ෂණික ක්‍රම භාවිතා කරන ඉහළ තාක්‍ෂණික නිපුණතා දක්වන්නන්ය. අන් අය  නවකයන් වේ. සයිබර් අපරාධ වර්ග ඊමේල් (Emal) සහ අන්තර්ජාල වංචා (Internet fraud). අනන්‍යතා වංචාව (Identity fraud) (පුද්ගලික තොරතුරු සොරකම් කර භාවිතා කිරීම). මූල්‍ය (Financial) හෝ කාඩ් ගෙවීම් (Card payment) දත්ත සොරකම් කිරීම. ආයතනික දත්ත (Corporate data) සොරකම් කිරීම හා විකිණීම. Cyberextortion (තර්ජනාත්මක ප්‍රහාරයක් වැළැක්වීම සඳහා මුදල් ඉල්ලා සිටීම). Ransomware ප්‍රහාර (පද්ධති අගුලු දමා තර්ජනාත්මක ලෙස මුදල් ඉල්ලාසිටිමි). Cryptojacking (අනුන්ගේ සම්පත් භාවිතා කරමින් මුදල් (cryptocurrency) සෙවීම). Cyberespionage